Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩුකරණයක් ගැන ගවේෂණයක් ඕනෑ 


2023-10-15 14870

 


ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ආණ්ඩුකරණයේදී භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග යන තේමාව යටතේ විශේෂ වැඩමුළුවක් කොළඹදී පැවැත් විණ.

එම වැඩමුළුව සංවිධානය කර තිබුණේ, සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික වෘත්තිකයන්ගේ සභාව විසින් වන අතර 
Global Brief Magazine හි නිර්මාතෘ සහ ප්‍රධාන කර්තෘ සේම 21st Century ආයතනයේ සභාපති ආචාර්ය අර්වින් ස්ටුඩීන් (Irvin Studin) මහතා විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත් වනු ලැබීය.

එමෙන්ම මෙම සාකච්ජා මණ්ඩපයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සඳහා සුදුසු ආණ්ඩුකරණයක් ගවේෂණය කිරීමට මේ මොහොතේ සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත්, විශේෂඥතාව සහ ශක්තිමත් ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සහිත පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව උදාවී ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්දැකීම් සහිත කණ්ඩායම් ප්‍රතිපත්ති සම්පාදනයේදී හවුල් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික සහ වාර්ගික වැනි ක්ෂේත්‍ර ඔස්සේ අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීම, රටේ ජනතාව අතර ආණ්ඩුකරණය කෙරෙහි විශ්වාසනීයභාවය ගොඩනැගීමට හේතු වනු ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment